SriPages.lk
NetBro (pvt) Ltd
beelk
Sponsored

නවීන කෘෂි තාක්ෂණය සහ ආහාර නිෂ්පාදනය

Rakshika Rathnayake6/24/20265 min read
Share:Facebook
නවීන කෘෂි තාක්ෂණය සහ ආහාර නිෂ්පාදනය
නවීන කෘෂි තාක්ෂණය යන්නෙන් අදහස් කරනුයේ ගොවිතැනේ කාර්යක්ෂමතාව, නිෂ්පාදන ශක්තිය සහ තිරසාරභාවය වැඩිදියුණු කිරීමට නවීන ඩිජිටල් මෙවලම්, සංවේදක (sensors), කෘතිම බුද්ධිය (AI) සහ දත්ත පදනම් පද්ධති භාවිතා කිරීමයි. සාම්ප්‍රදායික ගොවිතැනේදී ගොවීන් බොහෝ විට තම අත්දැකීම් සහ කාලගුණය මත කටයුතු කිරීමක් දක්නට ලැබුණි. නමුත් ස්මාර්ට් කෘෂි තාක්ෂණය මඟින් ගොවිතැන් කිරීමේදී නවීන විද්‍යාත්මක ක්‍රම හා තාක්ෂණය භාවිත කරනු ලබයි.. මෙහි වැදගත් අංගයක් වන්නේ IoT සංවේදක භාවිතයයි. මේවා මගින් පසෙහි තෙතමන, උෂ්ණත්වය සහ පෝෂක තත්ත්වය මැන ගත හැකිය. එම දත්ත මත පදනම්ව ගොවීන්ට වතුර සහ පොහොර භාවිතය නිවැරදිව කළ හැකිය. තවත් වැදගත් තාක්ෂණයක් වන්නේ ඩ්‍රෝන භාවිතයයි. විශාල ගොවිබිම් ඉහළින් නිරීක්ෂණය කරමින් වගා තත්ත්වය, පළිබෝධ හා රෝග හඳුනා ගැනීමට ඩ්‍රෝන උපකාරී වේ. කෘතිම බුද්ධිය (AI) මඟින් දත්ත විශ්ලේෂණය කර අස්වැන්න, කාලගුණ වෙනස්වීම් සහ අවදානම් පිළිබඳව අනාවැකි ලබා දේ. එමඟින් ගොවීන්ට හොඳ ඉක්මන් තීරණ ගැනීමට හැකියාව ලැබීම වාසියකි. ස්මාර්ට් වාරි පද්ධති මඟින් පසෙහි අවශ්‍යතාව අනුව ස්වයංක්‍රීයව ජලය සැපයෙයි. මෙය ජලය ඉතිරි කරමින් වගා වර්ධනය වැඩි කරයි. එසේම රොබෝ තාක්ෂණය භාවිතා කර බීජ වැපිරීම, අස්වැන්න කැපීම සහ වල් පැළ ඉවත් කිරීම සිදු කරයි. මෙය ශ්‍රම අවශ්‍යතාව අඩු කරයි. ස්මාර්ට් කෘෂි තාක්ෂණය පරිසර හිතකාමී ගොවිතැනකටද දායක වේ. අඩු ජලය, අඩු රසායනික ද්‍රව්‍ය සහ සම්පත් කාර්යක්ෂම භාවිතය මඟින් පරිසරය ආරක්ෂා වේ. මේ අනුව ස්මාර්ට් කෘෂි තාක්ෂණය නවීන ගොවිතැනේ විප්ලවයක් ලෙස සැලකිය හැකිය. එය ආහාර නිෂ්පාදනය වඩා කාර්‍යක්ෂම කරමින් ලෝක ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට උපකාරී වේ.
BestWeb Logo