SriPages.lk
NetBro (pvt) Ltd
beelk
Sponsored

න්ලයින් ඉගෙනීම සහ පන්ති කාමර ඉගෙනීම

Rakshika Rathnayake6/24/20265 min read
Share:Facebook
න්ලයින් ඉගෙනීම සහ පන්ති කාමර ඉගෙනීම
අද ලෝකයේ අධ්‍යාපනය ඉතා වේගයෙන් වෙනස් වී ඇත. විශේෂයෙන්ම තාක්ෂණය සහ අන්තර්ජාලය වර්ධනය වීමත් සමඟ, සිසුන්ට ඉගෙනීමට ප්‍රධාන ක්‍රම දෙකක් තිබේ: ඔන්ලයින් ඉගෙනීම සහ පන්ති කාමර ඉගෙනීම. මෙම ක්‍රම දෙකෙහිම වාසි සහ අවාසි ඇත. ඔන්ලයින් ඉගෙනීම යනු අන්තර්ජාලය භාවිතා කරමින් පරිගණක, ජංගම දුරකථන හෝ ටැබ්ලට් මගින් ඉගෙනීමයි. මෙහි ප්‍රධාන වාසිය නම් නම්‍යශීලී බවයි. සිසුන්ට තමන්ගේ වේලාව අනුව ඉගෙනීමට හැකි වන අතර, ලෝකයේ ඕනෑම ස්ථානයක සිට ඉගෙන ගත හැක. Zoom, Google Classroom වැනි වේදිකා මගින් වීඩියෝ, සටහන් සහ ප්‍රශ්නෝත්තර ලබා ගත හැක. නමුත් ඔන්ලයින් ඉගෙනීමේදී අන්තර්ජාල සම්බන්ධතාවය සහ උපකරණ අවශ්‍ය වීම වැනි ගැටලු ඇත. එසේම ගුරුවරයාගේ සෘජු නිරීක්ෂණයක් නොමැති නිසා සමහර සිසුන්ට අවධානය අඩුවිය හැක. පන්ති කාමර ඉගෙනීම යනු පාසල් හෝ විද්‍යාලවලට ගොස් සෘජුව ගුරුවරුන්ගෙන් ඉගෙනීමයි. මෙහිදී ගුරුවරුන් සමඟ සෘජු සම්බන්ධතාවය ඇති බැවින් ප්‍රශ්න අසන්නත්, වහා පිළිතුරු ලබා ගන්නත් හැක. මෙය විනය, සමාජ කුසලතා සහ සහයෝගිතාව වර්ධනය කරයි. නමුත් පන්ති කාමර ඉගෙනීමේදී නිශ්චිත කාලසටහනකට අනුගමනය කළ යුතු අතර ඇතැම් විට සියලුම සිසුන්ට එකම වේගයෙන් ඉගෙනීමට අපහසු විය හැක. මෙලෙස ගත් විට ඔන්ලයින් ඉගෙනීම සහ පන්ති කාමර ඉගෙනීම යන දෙකම ඉතා වැදගත් වේ. කෙසේ නමුත් මේ දෙකම එකට භාවිතා කරන විට අධ්‍යාපනය වඩාත් සාර්ථක කර ගත හැකිය.
BestWeb Logo