SriPages.lk
NetBro (pvt) Ltd
beelk
Sponsored

ගස් සිටුවීමේ වැදගත්කම

Rakshika Rathnayake6/24/20265 min read
Share:Facebook
ගස් සිටුවීමේ වැදගත්කම
ගස් සිටුවීම හෝ වනාන්තර වගාව පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් ක්‍රියාවලියකි. ගස් “පෘථිවියේ හුස්ම” ලෙස හැඳින්වෙන්නේ ඒවා කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ඔක්සිජන් නිදහස් කරන නිසාය. ජීවිතයට අවශ්‍ය වායු පරිසරය සෞඛ්‍යවත් තත්ත්වයක තබා ගැනීමට ගස් ඉතාමත් වැදගත් වේ. ගස් සිටුවීමේ ප්‍රධාන වාසියක් වන්නේ වායු දූෂණය අඩු කිරීමයි. වර්තමානයේ වාහන, කර්මාන්තශාලා සහ නගරීකරණය නිසා වායු දූෂණය ඉහළ ගොස් ඇත. ගස් වැඩි ප්‍රමාණයක් සිටුවීමෙන් වාතය පිරිසිදු කර සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ලබා ගත හැක. ගස් දේශගුණික වෙනස්වීම් පාලනය කිරීමටද උපකාරී වේ. ඒවා කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගෝලීය උණුසුම අඩු කරනු ලබයි. එසේම වර්ෂාපතනය ඇති කිරීමට සහ ජල චක්‍රය පවත්වා ගැනීමටද ගස් වැදගත් කාර්‍යක් ඉටු කරනු ලැබේ. පස සංරක්ෂණය සඳහාද ගස් සිටුවීම ඉතාමත් අත්‍යවශ්‍ය වන අතර ගස් මුල් මගින් පස තදින් අල්ලාගෙන පස ඛාදනය වළක්ව‍‍යි. වැසි සමයේදී ගස් නොමැති ප්‍රදේශවල සාරවත් පස පහසුවෙන් සේදී යා හැකි අහර මේ නිසා ගස් සිටු වීම පරිසරයට ඉතාමත් ප්‍රයෝජනවත් වේ. ගස් මගින් පසේ සාරවත් බවද වැඩි කරනු ලබයි. ජෛව විවිධත්වය රැක ගැනීම සඳහාද ගස් වැදගත් වේ. බොහෝ සතුන්, කුරුල්ලන් සහ කෘමීන් ගස් මත සහ වනාන්තරවල ජීවත් වේ. ගස් කපා දැමූ විට ඔවුන්ගේ වාසස්ථාන අහිමි වී යයි. එබැවින් ගස් සිටුවීමෙන් වනජීවී රැකවරණය සිදු වේ. ගස් ආර්ථික වශයෙන්ද ප්‍රයෝජනවත් වේ. ගස් වලින් පලතුරු, ලී, ඖෂධ සහ රබර් වැනි දේ ලබා ගනී. බොහෝ කර්මාන්ත වනාන්තර නිෂ්පාදන මත රඳා පවතී. නගර ප්‍රදේශවල ගස් සිටුවීමද ඉතා වැදගත් වේ. එය උෂ්ණත්වය අඩු කර සෙවන ලබා දේ. මාර්ග අසල ගස් සිටුවීමෙන් ශබ්ද දූෂණයද අඩු වේ. මෙලෙස ගස් සිටුවීම පරිසරය, සෞඛ්‍යය, වනජීවී සහ අනාගත පරපුර සඳහා ඉතා වැදගත් වන අතර සෑම පුද්ගලයෙකුම ගස් රැකබලා ගැනීම හා සිටුවීම සඳහා දායක විය යුතුය.
BestWeb Logo