SriPages.lk
NetBro (pvt) Ltd
beelk
Sponsored

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ වැදගත්කම

Rakshika Rathnayake6/25/20265 min read
Share:Facebook
ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ වැදගත්කම
ඉංග්‍රීසි භාෂාව අද ලෝකයේ වැඩිම භාවිතා වන සහ වැදගත්ම ජාත්‍යන්තර භාෂාවකි. එය බොහෝ රටවල දෙවන භාෂාවක් ලෙසද, සමහර රටවල ප්‍රධාන භාෂාවක් ලෙසද භාවිතා වේ. අධ්‍යාපනය, ව්‍යාපාර, තාක්ෂණය, විද්‍යාව, සංචාරක කර්මාන්තය සහ සන්නිවේදනය වැනි සියලුම ක්ෂේත්‍රවල ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත. එබැවින් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම වර්තමානයේ සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් වේ. ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ ප්‍රධාන වාසියක් වන්නේ සන්නිවේදන හැකියාව වර්ධනය වීමයි. ලෝකයේ විවිධ රටවල මිනිසුන් එකිනෙකා සමඟ සන්නිවේධනය කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාව භාවිතා කරයි. ගුවන් ගමන්, විදේශ අධ්‍යාපනය, රැකියා සහ ව්‍යාපාර කටයුතු වලදී ඉංග්‍රීසි දැනුම ඉතා වැදගත් වේ. මෙය පුද්ගලයන්ට ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධතා ගොඩනැගීමට උපකාරී වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ද ඉංග්‍රීසි භාෂාව ඉතාමත් වැදගත් වේ. බොහෝ විද්‍යාත්මක පොත්, පර්යේෂණ ලිපි, අන්තර්ජාල පාඨමාලා සහ උසස් අධ්‍යාපන ලිපි ආදිය ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇත. ඉංග්‍රීසි දැනුම ඇති සිසුන්ට ලෝකයේ ඕනෑම තොරතුරක් පහසුවෙන් ලබා ගත හැක. එමඟින් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබේ. රැකියා අවස්ථා වැඩි කර ගැනීම සඳහා ද ඉංග්‍රීසි භාෂාව ඉතා වැදගත් වේ. බොහෝ ජාත්‍යන්තර සමාගම් සහ දේශීය ආයතන ඉංග්‍රීසි භාෂාව හොඳින් භාවිතා කළ හැකි සේවකයින්ට වැඩි වශයෙන් අවස්ථා ලබා දෙයි. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය (IT), සංචාරක, ගුවන් සේවා, ව්‍යාපාර සහ පාරිභෝගික සේවා වැනි ක්ෂේත්‍රවල ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍ය වේ. ඉංග්‍රීසි දන්නා පුද්ගලයෙකුට වඩා හොඳ වැටුප් සහ උසස් තනතුරු ලබා ගැනීමට ද, හැකිය. තාක්ෂණික ලෝකයේ ද, ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය වේ. බොහෝ මෘදුකාංග, යෙදුම්, පරිගණක ක්‍රමලේඛන භාෂා සහ වෙබ් අඩවි ඉංග්‍රීසි භාෂාවෙන් සකසා ඇත. එබැවින් තාක්ෂණය ඉගෙනීමට සහ භාවිතා කිරීමට ඉංග්‍රීසි දැනුම අනිවාර්ය වේ. මෙලෙස නවීන ඩිජිටල් ලෝකයට අනුගත වීමට ඉංග්‍රීසි දැනුම විශාල සහායක් ලබා දෙයි. එමෙන්ම චිත්‍රපට, ගීත, නවකතා සහ ප්‍රවෘත්ති බොහෝමයක් ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කර ඇති අතර එමඟින් ජාත්‍යන්තර සංස්කෘතිය හා දැනුම සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබේ. තවද, ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම පුද්ගලයකුගේ ආත්ම විශ්වාසය වැඩි කරයි. ඉංග්‍රීසි නිවැරදිව කතා කිරීමට හැකි වීම තුළින් සමාජය තුළ විවිධ වරප්‍රසාද ලබා ගැනීමට පහසු වේ. සම්මුඛ පරීක්ෂණ, ඉදිරිපත් කිරීම් සහ ජාත්‍යන්තර සම්බන්ධතා වලදී මෙය ඉතා වැදගත් වේ. ඉංග්‍රීසි ඉගෙනීම සාර්ථක කර ගැනීමට නිරන්තර පුහුණුව අවශ්‍ය වේ. කියවීම, ලිවීම, ඇසීම සහ කතා කිරීම යන හැකියාවන් නිරන්තරයෙන් පුහුණු කළ යුතුය. චිත්‍රපට නැරඹීම, පොත් කියවීම සහ සරල සංවාද පුහුණු කිරීම ඉතා ප්‍රයෝජනවත් වේ. මේ අනුව ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම අද ලෝකයේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය කුසලතාවයක් වන අතර එය අධ්‍යාපනය, රැකියා, සන්නිවේදනය සහ පෞද්ගලික සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දෙයි.
BestWeb Logo