SriPages.lk
NetBro (pvt) Ltd
Sponsored

සයිබර් ආරක්ෂාව සහ ඔන්ලයින් ආරක්ෂාව

Rakshika Rathnayake6/25/20265 min read
Share:Facebook
සයිබර් ආරක්ෂාව සහ ඔන්ලයින් ආරක්ෂාව
වර්තමාන ඩිජිටල් ලෝකයේ තාක්ෂණය අපගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත්ව ඇත. අප අන්තර්ජාලය භාවිතා කරමින් සන්නිවේදනය, බැංකු කටයුතු, සාප්පු සවාරි, අධ්‍යාපනය, විනෝදාස්වාදය සහ රැකියා කටයුතු සිදු කරමු. කෙසේ නමුත් අන්තර්ජාලය යනු බොහෝ වාසි ලබා දෙන තෝතැන්නක් වන අතරම, එහි යම් අවදානම් සහගත බාවයක් ද, පවතී. එම නිසා වර්ථමානයේදි සයිබර් ආරක්ෂාව (Cybersecurity) සහ ඔන්ලයින් ආරක්ෂාව ඉතා වැදගත් වේ. සයිබර් ආරක්ෂාව යනු පරිගණක, ජංගම දුරකථන, ජාල සහ දත්ත සයිබර් ප්‍රහාර වලින් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියයි. ඔන්ලයින් ආරක්ෂාව යනු අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයන් වංචා, හොරකම්, හිරිහැර සහ අනෙකුත් අනතුරුදායක ක්‍රියාවලින් ආරක්ෂා කිරීමයි. මෙම දෙකම එකට සම්බන්ධ වන අතර, නවීන තාක්ෂණික යුගයේ සයිබර් ආරක්ෂාව යනු අත්‍යවශ්‍ය කරුණකි. සයිබර් ප්‍රහාර අතරින් එකක් වන්නේ හැකින් කිරීම (Hacking) ය. හැකර්වරුන් පද්ධති හෝ පුද්ගල ගිණුම් වලට අනවසරයෙන් ඇතුළු වී රහස්‍ය තොරතුරු සොරකම් කිරීම සිදු කරයි. මෙයට මුරපද, බැංකු තොරතුරු සහ පුද්ගලික පණිවිඩ ඇතුළත් විය හැක. මෙවැනි තොරතුරු වංචා සඳහා භාවිතා කළ හැකි බැවින් ආරක්ෂාව ඉතා වැදගත් වේ. ෆිෂිං (Phishing) තවත් ප්‍රචලිත සයිබර් තර්ජනයකි. මෙහිදී වංචාකරුවන් නියම ලෙස පෙනෙන ඊමේල්, පණිවිඩ හෝ වෙබ් අඩවි භාවිතා කරමින් පුද්ගලයන්ව රවටා රහස්‍ය තොරතුරු ලබා ගනී. බොහෝ විට මෙවැනි පණිවිඩ සැබෑ ලෙස පෙනෙන බැවින්, සෑම විටම මූලාශ්‍රය පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ. මැල්වෙයාර් (Malware) යනු තවත් භයානක සයිබර් තර්ජනයකි. මෙයට වෛරස්, ස්පයිවෙයාර්, රැන්සම්වෙයාර් වැනි අහිතකර මෘදුකාංග ඇතුළත් වේ. මේවා උපාංග වලට හානි කරමින් දත්ත සොරකම් කිරීම හෝ ගොනු අගුළු දමා මුදල් ඉල්ලීම වැනි ක්‍රියාවලිය සිදු කරයි. එබැවින් ඇන්ටිවයිරස් මෘදුකාංග භාවිතා කිරීම සහ සැක සහිත ගොනු බාගත නොකිරීම වැදගත් වේ. ඔන්ලයින් ආරක්ෂාවද ඉතා වැදගත් වේ. බොහෝ දෙනා සමාජ මාධ්‍යවල අධික ලෙස පුද්ගලික තොරතුරු බෙදා ගනී. සයිබර් අපරාධකරුවන් මෙවැනි තොරතුරු භාවිතා කරමින් වංචා හෝ අනන්‍යතා සොරකම් කළ හැක. එබැවින් පෞද්ගලික තොරතුරු බෙදා ගැනීමේදී සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය කරුණකි. සයිබර් හිරිහැර (Cyberbullying) යනු තවත් ගැටළුවකි. මෙහිදී අන්තර්ජාලය හරහා අන් අයට තර්ජනය කිරීම, අපහාස කිරීම හෝ හිරිහැර කිරීම සිදු වේ. මෙය විශේෂයෙන් තරුණ පරපුරට මානසික හානි ඇති කළ හැකි බරපතල තත්වයකි. එබැවින් මෙවැනි ක්‍රියාවන් වාර්තා කිරීම සහ අවහිර කිරීම ඉතාමත් වැදගත් වේ. සයිබර් ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා යොදා ගත හැකි සරල ක්‍රම කිහිපයක් ඇත. එනම්, ශක්තිමත් මුරපද භාවිතා කිරීම, දෙපියවර සත්‍යාපනය (Two-Factor Authentication) සක්‍රීය කිරීම, සහ මෘදුකාංග නිතර යාවත්කාලීන කිරීම මෙයින් ඉතා වැදගත් වේ. පොදු Wi-Fi ජාල භාවිතා කිරීමද අවදානම් විය හැක. එවැනි ජාල වලදී දත්ත පහසුවෙන් සොරකම් කළ හැක. එබැවින් බැංකු කටයුතු වැනි සංවේදී දේවල් සඳහා ආරක්ෂිත ජාල හෝ VPN භාවිතා කළ යුතුය. මෙලෙස සයිබර් ආරක්ෂාව සහ ඔන්ලයින් ආරක්ෂාව නවීන ඩිජිටල් යුගයේ අත්‍යවශ්‍ය කරුණකි. තාක්ෂණය වැඩිදියුණු වන තරමට සයිබර් තර්ජනද වැඩි වේ. එබැවින් දැනුවත්භාවය, ආරක්ෂිත ක්‍රම භාවිතය සහ වගකීමෙන් අන්තර්ජාලය භාවිතා කිරීම වර්තමාන සමාජය තුළ අත්‍යවශ්‍ය කරුණකි.
BestWeb Logo